ජනප්රිය නිළි – රන්ජන් රාමනායකගේ මයික් ලකුණ දරණ පක්ෂයේ මැතිවරණ අපේක්ෂිකාවක් වූ මහේෂි මධුසංඛාගේ සැමියා විසින් පොලිස් නිලධාරීන්ට පහර දුන් සිදුවීමේ වැඩිදුර තොරතුරු හෙළි වී තිබෙනවා.
පවුල් ආරවුලක් ගැන පැමිණිල්ලක් මෙම නිළිය විසින් පොලිසියට දුරකතන මාර්ගයෙන් දැනුම් දී ඇති අතර මේ සම්බන්ධ තොරතුරු සටහන් කර ගැනීම සඳහා රාත්රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇගේ නිවස වෙත ගොස් තිබෙනවා.
එහිදී නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කරගනිමින් සිටියදී එහි කඩා වැදුණු ඇගේ සැමියා පොලිස් සැරයන්වරයා වෙත පා පහරක් එල්ල කර තිබෙනවා. එම පහරේ සැරකමට නිලධාරියා පුටුව පෙරළී අඩි කිහිපයක් ඈතට විසි වී ගිය බවත් බේරා ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරු දෙදෙනාටද පා පාහර එල්ල කර ඇති බවත් වාර්තා වෙනවා.
සැකකරුගේ ප්රහාරවලින් බේරී නිවසින් පිටවීමට මහත් ආයාසයක් ගැනීමට සිදුවූ අතර පසුව නිලධාරීන් පොලිසිය දැනුම්වත් කිරීමෙන් පසු බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි පැමිණියා. සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔවුන්ටද මහත් පරිශ්රමයක් දැරීමට සිදුව ඇති අතර ඔහු දැඩි ලෙස බීමත්ව සිට තිබුණා.
සැකකරුගේ හිස තුවාල වී තිබු අතර ඔහුගේ ප්රහාරයෙන් සැරයන්වරයාගේ වම් ඇසටද කොස්තාපල්වරයෙකුගේ දකුණු කකුලටද බරපතල තුවාල සිදුවී තිබුණා. සැකකරු රෝහල්ගත කර ඇති අතර එහිදීම රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ප්රකට නිළි මහේෂි මධුශංඛා පසුගිය දා සිය සැමියා සමඟ විවාහයේ 10 වැනි සංවත්සරය මහ ඉහළින් සැමරූ බවද වාර්තා වුණා.