Sat. Jun 28th, 2025

ඉන්දු-ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) නැවත සලකා බැලිය යුතු යි – විදේශ ඇමැති

Dec21,2024 #news #sl economy #slpolitics

දශක කිහිපයකට පෙර අත්සන් කරන ලද ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කිරීම සඳහා ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට රජය බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ දැන් වෙළඳපල පුළුල් වී ඇති බැවින් ඉන්දියාව සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කර දිගටම කරගෙන යා යුතු බවයි.

අමාත්‍යවරයා පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ඉන්දියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ගැන ඉන්දීය රජයේ අවධානයට යොමු කළ බව ය.

ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) ගැන සඳහන් කරමින් අමාත්‍යවරයා පවසන්නේ විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් පවසන පරිදි රජය ETCA ගිවිසුමට අත්සන් නොකළ බවත් රජය එකඟ වූයේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට පමණක් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *