වෛද්‍යවරුන්ගේ හිඟය නිසා රෝහල් රැසක ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
2022 වර්ෂයේ සිට මේ දක්වා වෛද්‍යවරුන් 2200ක් රට හැරගොස් ඇති අතර ඉන් 700ක් පමණ විශේෂඥ වෛද්‍යවරුන් බවත් ශ්‍රේණිගත වෛද්‍යවරුන් 1500ක් පමණ එම පිරිසට අයත් බවත් වාර්තා වෙනවා.
මෙයට අමතරව තවත් 5000ක පමණ පිරිසක් විදෙස්ගතවීමට සුදුසුකම් ලබා ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය කාලයේ පැලැස්තර විසඳුම් ගෙනා බැවින් මෙම ප්රශ්නය උග්‍ර වී බැවින් නව රජය මෙම ප්රශ්නය විසඳනු ඇතැයි අපේක්ෂා කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ වැඩිදුරටත් පැවසුවා.