Sat. Jun 28th, 2025

කෝටි 1000ක වංචාවක්: සැකකරුවන්ට බැංකු ගිණුම් 25000ක්!!

Dec20,2024

වෙබ් අඩවියක් හරහා පිරමීඩාකාර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත්කරුවන් 3000කට වැඩි පිරිසකගෙන් රුපියල් කෝටි 1000කට අධික මුදලක් වංචා කළ බව කියන කුරුණෑගල සමාගමක් වන මිරකල් ජෙනිසීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් 14ක් අල්ලන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබුවා.

එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂිකාව ලබන 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ දෙදෙනා අඹු-සැමි යුවළ බවයි සඳහන් වන්නේ.

මෙම සැකකරුවන්ට බැංකු ගිනුම් 25000ක් ඇති බවයි අධිකරණයේදී විමර්ශන නිලධාරීන් කරුණු දැක්වූයේ.

විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *