හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාවට වැය වන වියදම් ගැන ආණ්ඩුව නිකුත් කළ සංඛ්‍යාලේඛන වැරදි බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
8 වැනි විධායක ජනපති වන රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පසුගිය මාස 11ට රුපියල් මිලියන 82ක් වැය වූ බව කියන ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත්, ජනපතිවරයා වෙනුවෙන් වැය කර ඇත්තේ වාහන සහ ඉන්ධන සඳහා පමණක් බවත් එහි දැක්වෙනවා.
මෙම මිලියන 82න් වැඩි ම මුදල ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප් සඳහා බවත් මෙම අය කුමන ස්ථානයක රාජකාරි කළද මෙම වැටුප ගෙවිය යුතු බැවින් ජනපති ආරක්ෂක වියදම් ලෙස ආරක්ෂක නිලධාරීන්ගේ වැටුප්ද එක් කොට ගණනය කිරීම වැරදි බවත් හිටපු ජනපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.