Sun. Jun 29th, 2025

මම සාපෙළ උපෙළ කළේ එංගලන්තෙ: සජිත් සහතික පෙන්වයි!

Dec18,2024 #news #slpolitics

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඊයේ දිනයේ ඇමැති නලින්ද ජයතිස්ස විසින් කරන ලද ප්‍රකාශයකට පිළිතුරු වශයෙන් ඔහු මෙසේ සිය අධ්‍යාපන සහතික ඉදිරිපත් කළ අතර එහිදී උප්පැන්න සහතිකය ද ගෙනැවිත් තිබුණා.

තමා මෙරටදී නොව එංගලන්තයේදී සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග දෙක කළ බවත් ඒ ප්‍රතිඵල මගින් උපාධිය සම්පූර්ණ කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා තමාගේ ගෞරව උපාධිය සඳහා විවෘත විශ්වවිද්‍යාලය තෝරාගත් බවත් වත්මන් අගමැතිවරියද එහිදී තමාගේ ගුරුවරියක වූ බවත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *