ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ නවදිල්ලි නුවර දී බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අවස්ථාවේ දී අද (10) දිනයේ මෙම හමුව සිදු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ