කතානායක ලෙස කටයුතු කළ අසෝක රන්වල එම තනතුරෙන් ඉවත් වූයේ මේ මොහොතේ උපාධි සහතික ඉදිරිපත් කිරීමට නොහැකි වූ නිසා මිස ඒවා නොමැති නිසා නොවන බව අද (17) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සහතික ගැනද සමාජ මාධ්‍යයේ ප්‍රශ්න කෙරෙන බව සිහිපත් කළ ඇමැතිවරයා එම නිසා එම සහතිකද ඉදිරිපත් කරන ලෙස කියා සිටියා.
ඊට පිළිතුරු ලබා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තමා ලැබූ සියලුම අධ්‍යාපන සුදුසුකම් හෙට (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. උපාධි සහතිකය පමණක් නොව ඉන් ඔබ්බට ඇති සියලුම සහතික ඉදිරිපත් කරන බව ඔහු අවධාරණය කළා.