ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන එට්කා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට ජනපති අනුර කුමාර දිසානායක සමඟ සාකච්ඡා කළ බව ඉන්දීය අගමැතිවරයා ඊයේ පැවසුවා. ඒ මෙරට ජනපතිගේ ඉන්දීය සංචාරයේ ඒකාබද්ධ මාධ්‍ය හමුව අමතමින්.
අනුර දිසානායක ජනපති වූ පසු පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණීම ගැන සතුටු වන බව පැවසූ ඉන්දීය අගමැතිවරයා දෙරට අතර විදුලි බල ජාල සම්බන්ධතාවය සහ පෙට්‍රෝලියම් නල මාර්ග සම්බන්ධ කිරීම ගැන ද අදහස් පළ කරනු ලැබුවා.
එසේ ම ශ්‍රී ලංකා ජනපතිවරයා දෙමළ ජනයාගේ අභිලාශ ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඉන්දීය අගමැතිවරයා තවදුරටත් පවසා සිටියා.