පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ සේවය කර ඇති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහමැතිවරණයේදී මනාප ලැයිස්තුවේ දෙවැනි තැන දිනාගත්තා.
ව්‍යාජ අධ්‍යාපන සුදුසුකම් දැක්වූ බවට එල්ල වූ චෝදනාව නිසා ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අසෝක රන්වල් කතානායක ධුරයෙන් ඉල්ලා අස් වූවා. හෙට (17) නව කතානායකවරයා තෝරා පත් කර ගැනීමට නියමිතයි.