Sat. Jun 28th, 2025

පෙර පාසැල් ගුරුවරුන්ගේ සතුට දෙගුණ වෙන ආරංචියක්

Jun10,2024

මෙරට 34,000ක් පමණ වන පෙර පාසැල් ගුරුවරුන්ට මාසිකව රජය විසින් ලබා දෙන රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නැංවීමට පසුගිය සතියේ දී රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඊයේ (09) අගුණකොළපෑලැස්සේ දී පෙර පාසැල් ගුරු සංවිධාන නියෝජිතයින් සමග සාකච්ඡාවක් පැවැති අතර එහි දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය සතියේ රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී මෙම කාරණය සම්බන්ධව සාකච්ඡා කළ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා පෙර පාසැල් ගුරුභවතුන්ගේ රුපියල් 2500 දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උපදෙස් දුන් බවද එහි දී සඳහන් කළා .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *