නව රජයේ කතානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉදිරි පැය කිහිපය ඇතුළත දී ඉල්ලා අස්වීමට නියමිත බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඔහු විසින් භාවිතා කරන ලද ආචාර්ය උපාධිය පසුගිය දින කිහිපය තිස්සේ සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක් වුණා. කෙසේ වෙතත් අද (13) උදෑසන ජනමාධ්‍ය ප්‍රධානීන් ඇමැතූ ජනපතිවරයා තරාතිරම නොබලා වරදට දඬුවම් නියම කරන බව කියා සිටියා.
අභිනව 10 වැනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස අසෝක රන්වල – ආචාර්ය අසෝක රන්වල යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කරන ලද අතර ඇමැති විජිත හේරත් ඔහුගේ නම ස්ථිර කරනු ලැබුවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 22 වැනි කතානායකවරයා වූ අසෝක සපුමල් රංවල ඒ අනුව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙනු ඇති බවයි වාර්තා පළ වන්නේ.