Sat. Jun 28th, 2025

පිරිමි විදේශ රැකියාවලට යෑම ගැන අනාවරණයක්

Dec13,2024 #news #sl economy

2024 වසරේ ගත වූ කාලය තුළ රැකියා සඳහා විදේශගත වූ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය ලක්ෂ 3ක් ඉක්මවා ඇති අතර එයින් 177804ක් පිරිමි ශ්‍රමිකයන් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

පසුගිය වසර 10ක කාලයක් තුළ මෙලෙස ලක්ෂ 3 ඉක්මවූ දෙවැනි අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

මෙම කාලය තුළ කාන්තාවන් 122358ක් රැකියා සඳහා විදේශගත වී තිබුණා. පිරිමි ශ්‍රමිකයන්ගේ විදේශගත වීම 60% දක්වා ඉහළ ගොස් ඇති බවයි පෙනී යන්නේ.

වැඩිම විදේශ රැකියා සඳහා පිටත්ව යෑම් කුවේට් රාජ්‍යයට ද දෙවැනියට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ද වශයෙන් දැක්වෙනවා. එම මුළු ප්‍රමාණය 50000කට ආසන්න වන බව සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *