රට පුරා වගා විනාශ කරන කරදරයක් බවට පත්ව ඇති රිලා ගැටලුවට විසඳුමක් ඇමැති සමන්ත විද්‍යාරත්න වෙත යෝජනා වී ඇති බව ඔහු පවසනවා.
තම අමාත්‍යංශයට පැමිණි දෙදෙනෙකු ඔහුට කළ යෝජනාවක් මෙලෙස ජනහමුවකදී ඔහු කියා සිටියා.
“ළඟදි මගේ අමාත්‍යංශෙට ආව වැදගත් මහත්වරු දෙන්නෙක්. ඇවිල්ලා කීවා ඔබතුමන්ලා හොයන ප්‍රශ්නෙට අපි ගාව විසඳුම් තියෙනවා. මම කීවා බොහො සන්තෝෂයි, කියන්නකෝ විසඳුම කියලා.
අක්කර පනහක විතර හොඳ කැලෑ තියෙන තැන් තෝරගන්න කීවා. තෝරගෙන හදන්න කීවා රිලා හිරගෙදරක්. ඒක හරි මැදින් බෙදන්න කීවා අක්කර විසිපහ, විසිපහ. එක කොටුවට ගෑණු සත්තු. අනිකට පිරිමි සත්තු. අවුරුද්දක් හමාරක් යද්දි බෝ වෙන එක අඩුවෙයි කිව්වා. පොඩි ගතියක් නැද්ද ඒ යෝජනාවේ.”