Sat. Jun 28th, 2025

හෙට (13) රත්නපුරේ යන අයට පොලිස් නිවේදනයක්!

Dec12,2024 #news #police

හෙට (13) දින රත්නපුර ප්‍රදේශයේ සිදුවිය හැකි මාර්ග අවහිරතාවක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය එළැඹෙන උඳුවප් පොහොය (14) දිනෙන් ආරම්භ වන බැවින් පැල්මඩුල්ල ගල්පොත්තාවල විහාරයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඬුවථ දේවාභරණ හෙට (13) දිනයේ එම විහාරයේ සිට කුරුවිට-එරත්න මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා පෙරහැරින් වැඩම කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.

මෙම පෙරහැර ගමන් මාර්ගය වන පැල්මඩුල්ල සිට රත්නපුර නවනගරය දක්වා කොටසේ හෙට උදේ 6 සිට 10 දක්වා රථවාහන තදබදයක් ඇති විය හැකි බැවින් එම කාලයේ ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් සහ මහජනයාට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස පොලිසිය දන්වා සිටිනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *