Sat. Jun 21st, 2025

හඳුනානොගත් වෛරසයක් කොංගෝවෙන්: 143ක් මරුට!

Dec12,2024 #health #news

මේ දක්වා හඳුනා නොගත් වෛරසයක් කොංගෝවේ 143 දෙනෙකු බිලි ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙම මිය ගිය අයගෙන් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද වාර්තාවක් නිකුත් කර තිබෙනවා. උණ, හිසරදය, කැස්ස, සොටු දියර ගැලීම, සිරුරේ වේදනාව වැනි රෝග ලක්ෂණය මෙහිදී වාර්තා වී ඇති බව සඳහන්. කාලගුණ තත්වයන් නිසා මෙම රෝගය පැතිරී ඇති පෙදෙස්වල ප්‍රවේශවීම අපහසු වී ඇති බවද වාර්තා වෙනවා. වාර්තාගත ප්‍රමාණයට වැඩි මරණ සිදුව ඇති බවට අනුමාන කෙරෙන අතර තවදුරටත් රෝගය පැතිර යන බවද සඳහන්.

කෙසේ වෙතත් කොංගෝ ජනරජයේ ෆැන්සි නම් පළාතේ මෙම රෝගය පැතිර යන අතර මේ කලාපය පසුගිය කාලයේ දැඩි ආහාර අහේනියකට සහ එන්නත්කරණය හිඟවීමට බලපා තිබු බවද වාර්තා පළ වෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛය සංවිධානය මේ දක්වා අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බවයි වාර්තා වන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *