පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග මේ වන විට වෙළෙඳපොලට නිකුත් කර ඇති බව වාර්තා වෙනවා. ඊයේ (11) දින මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර තිබුණා.
ඊයේ දිනයේ ඒ අනුව සහල් කිලෝ 75000ක් රේගුවෙන් මුදා හැර ඇති අතර සම්බා සහ සුදු කැකුළු තොගයක් පළමුව නිකුත් වන බව පැවසෙනවා.
අද (12) සහ හෙට (13) දිනවලදී ද තවත් සහල් තොග මෙරටට ලැබීමට නියමිත වෙනවා.