Sat. Jun 28th, 2025

මරා දැමූ රැඳවියන්ට යුක්තිය ඉල්ලයි: පොලිස් බාධා!

Dec12,2024 #news #police #slpolitics

මහර බන්ධනාගාරයේ ඝාතනය වුණු රැඳවියන් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිරකරු අයිතිවාසිකම් කමිටුව විසින් ඊයේ (11) ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගිය පාගමනට පොලිසිය විසින් බාධා කරනු ලැබුවා.

කෙසේ වෙතත්, පොලිස් බාධා මධ්‍යයේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගිය පිරිස මේ පිළිබඳව සාකච්ඡා කර තිබු අතර ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ඝාතනය සඳහා යුක්තිය ඉටු විය යුතු බව පිළිගෙන එය ජනපතිවරයාට දැනුම් දෙන බව දන්වා තිබුණා.

2020 කොරෝනා වසංගත සමයේ දී ඇන්ටිජන් පරීක්ෂණ සහ වෙනත් ඉල්ලීම් ඉල්ලා උද්ඝෝෂණය කළ රැඳවියන්ට වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වන නඩුව ඉදිරියට ගෙන නොයන ලෙස නීතිපතිවරයා තීරණය කර තිබීම ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නඩුවාරයකදී මහේස්ත්‍රාත්වරයා ද මෙම තීරණය සම්බන්ධයෙන් විමතිය පළ කර තිබුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *