වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමුව ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පවසනවා.
එහි ලේකම්වරයා සඳහන් කරන්නේ එක් නිවසක් සෑදීම සඳහා පර්චස් 7ක ඉඩක් වෙන් කරන්නේ නම් විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කිරීමට සිදුවන බවයි.
ඒ අනුව වතුකරයේ ජනතාව වෙනුවෙන් මහල් නිවාස ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත්, ජාතික ජනබලවේගයේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ වතුකරයේ ජනතාව වෙත නිවාස සඳහා ඉඩම් ලබා දෙන බවට නිශ්චිතව දක්වා තිබිය දී මෙලෙස විසඳුම් යෝජනා කිරීම ප්‍රශ්නයක් බව එම ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් දීර්ඝකාලීනව පෙනී සිටින ක්‍රියාධරයන් ප්‍රකාශ කරනවා.