ගුරුපත්වීම් ඉල්ලා පසුගිය 2 දා පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේදී තියුණු ආයුදයකින් පොලිසියේ තිදෙනෙකු කපා දමා ඇත්තේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු බව අනාවරණය වී තිබෙනවා.
ඊයෙ (10) මේ බව තලංගම පොලිසිය විසින් අධිකරණය වෙත දන්වා සිටියා. මේ පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා. ඒ අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් සංවර්ධන නිලධාරීන් තිදෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.
කෙසේ වෙතත් උද්ඝෝෂකයන් මෙම පුද්ගලයාව හඳුනාගෙන පොලිසියට බාර දුන්නද මේ දක්වා ඔහුව සැකකරුවෙකු ලෙස නම් කිරීමට පොලිසිය පියවර ගෙන නැහැ.
මෙහිදී යම්කිසි කුමන්ත්‍රණයක් සඳහා මෙසේ කටයුතු කරනු ලැබුවේද යන්න සැකයක් මතුව තිබෙනවා.