ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය වාන් දමන තරමට ජලය ඇතත්, රට තුළ ගල් අඟුරු තොග ප්‍රමාණවත් තරම් තිබුණත් මේ දිනවලත් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගෙන ඇති බව ලං.වි.ම. තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර පවසනවා.
ආණ්ඩු මාරු වුවද විදුලි බල මණ්ඩලය තුළ ක්‍රියාත්මක විදුලි මාෆියාව අවසන් වී නැති බවයි ඔහු කියා සිටියේ.
මෙම පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලට ගැනීම නිසා නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ එක් විදුලි ජනන යන්ත්‍රයක් උපරිම ක්‍රියාකාරිත්වයේ නැති බව උපසභාපතිවරයා පවසනවා.
විදුලි ගාස්තු ඉහළ යෑමටද මෙම හේතුව බලපාන බවත්, තත්වය මෙසේ ඉදිරියටද සිදුවන්නේ නම් ලබන වසරේ මුල් කාර්තුවේ නැවත දිනකට පැය 4-5ක විදුලි කප්පාදුවක් ඇති විය හැකි බවත් ඔහු අවධාරණය කරනවා.