ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් ක්‍රියාත්මක පොත් ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය සඳහා අත්පිටපත් බාර ගැනීමේ කාලය දෙසැම්බර් මස 31 වැනි දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පවසනවා.
දිගින් දිගටම ලේඛකයන් වෙතින් ලැබුණු ඉල්ලීම මත අත්පිටපත් බාර ගන්නා කාලය දීර්ඝ කර තිබෙනවා. නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රකාශන ආධාර ව්‍යාපෘතියේ දී ශාස්ත්‍රීය, පර්යේෂණ, නවකතා, කෙටිකතා, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා ආධාර දීමට අපේක්ෂා කරන අතර ආධාර මුදල ද ඉහළ දමා ඇති බව ඔවුන් පවසනවා.
එහිදී හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘති සඳහා රුපියල් 150,000ක්, නවකතා සඳහා රුපියල් 100,000ක්, කෙටිකතා කෘති සඳහා රුපියල් 100,000ක්, පද්‍ය, යොවුන් සාහිත්‍ය සහ ළමා කෘති සඳහා රුපියල් 75,000ක මුදලක් ප්‍රකාශන ආධාර ලෙස පිරිනැමීමට කටයුතු කරන බවත්, මේ කෘති සියල්ල 2025 වර්ෂයේ සාහිත්‍ය මාසය වෙනුවෙන් එළි දැක්වීමට අපේක්ෂා කරන බවත් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.