පසුගිය මහමැතිවරණයේදී සිලින්ඩරය ලකුණ යටතේ තරඟ කළ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 2ක් ලැබී තිබුණු අතර මේ සඳහා සභිකයන් නම් කිරීමේදී ආන්දෝලනාත්මක තත්වයක් ඇතිව තිබුණා.
ඉන් පුරප්පාඩු වී තිබු මන්ත්‍රී ධුරය සඳහා ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා නම් කර තිබෙනවා.
මේ අසුන බොහෝ දෙනා ඉල්ලා සිටි අතර එජාප සභාපති වජිර අබේවර්ධන කියා සිටියේ එජාපයේ කැමැත්ත වී තිබුණේ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරලට එය ලබා දීම එජාපයේ කැමැත්ත බවයි. ඒ අතර තවත් පිරිසක් හිටපු ඛනිජ තෙල් අමාත්‍ය කංචන විජේසේකර වෙත එම මන්ත්‍රී ධුරය ලබා දෙන්නැයි යෝජනා කර සිටියා. කෙසේ වෙතත් අවසානයේ මැතිවරණ කොමිසම වෙත එම පක්ෂය විසින් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ නම දන්වා යවා ඇතැයි වාර්තා වෙනවා.