Sat. Jun 28th, 2025

නාඩු ආනයනය අස්සේ කොමිස් කෝටි 770ක් : චෝදනා!

Dec10,2024 #news #sl economy #slpolitics

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම හරහා රුපියල් කෝටි 770ක අයුතු ලාභයක් උපයා ගැනීමට කටයුතු කෙරෙමින් ඇතැයි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු පාලිත ආනන්ද පවසනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන ස්වර්ණ නාඩු කිලෝවක් කොළඹ වරාය වෙත ගොඩ බෑමට වැය වන්නේ රුපියල් 110ක් පමණක් බවයි. එම සහල් කිලෝව රුපියල් 220කට මිල කරන ආකාරය රජය පැහැදිලි කළ යුතු බවට ඔහු අවධාරණය කරනවා.

සහල් මෙට්‍රික් ටොන් 70000 මෙරටට ආනයනය කරන්නේ නම් ඒ හරහා ලැබෙනා කොමිස් කුට්ටිය කෝටි 770ක් බවයි මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *