ඉන්දියාවේ තූත්තුකුඩි වරායෙන් පැටවූ සහල් මෙට්‍රික් ටොන් 10000ක අධික ප්‍රමාණයක තොගයක් කොළඹ වරාය වෙත ළඟා වී ඇතැයි වාර්තා වෙනවා.
මෙම තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් ඇති බවත් හැකි ඉක්මනින් නිදහස් කර වෙළෙඳපොලට නිකුත් කරන බවත් අදාළ ආනයනකරු පවසා තිබෙනවා.
මෙම සහල් තොගයට නාඩු සහ තවත් සහල් වර්ග කිහිපයක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් නත්තලට පෙර තවත් සහල් මෙට්‍රික් ටොන් 50000කට ආසන්න තොගයක් මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.