ටේප් පටිවලින් බිත්තියට ඇලවූ කෙසෙල්ගෙඩියක් “කමීඩියන්” නම් කරමින් පසුගිය දා එළි දුටු අතර එය නිර්මාණය කර තිබුණේ උපහාසාත්මක කලා නිර්මාණවලට ප්‍රසිද්ධියක් උසුලන ඉතාලි ජාතික මොරිෂියෝ කැට්ලන් නම් කලාකරුවා විසින්.
එය ඇමරිකන් ඩොලර් මිලියන 6.2කට අලෙවි වී තිබු අතර මිලට ගෙන තිබුණේ ක්‍රිප්ටො කරන්සි ව්‍යාපාරිකයෙකු වන චීන ජාතික ජස්ටින් සන් නමැත්තෙක්. මෙය මිලට ගත් පසු ඔහු එය අනුභව කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය මිලට ගෙන තමා නිර්මාණයේ අද්විතීයකම විඳින බව මිලට ගන්නා අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබුණා.