Fri. Jun 27th, 2025

සහල් කිලෝව රුපියල් 60ක් අඩුවෙන් දෙන්න ක්‍රමයක්!

Nov30,2024 #news #sl economy #slpolitics

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට අවස්ථාව දෙන්නේ නම් සති දෙකක් තුළ සහල් ආනයනය කර ජනතාවට බෙදා හරින බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ ජනපතිවරයාට දන්වා තිබෙනවා.

දැනට සහල් සඳහා පනවා ඇති කිලෝවකට රුපියල් 65ක් වන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් මෙලෙස ගෙන්වන සහල් කිලෝව රුපියල් 180කට ජනතාවට ලබා දිය හැකි බවද ඔවුන් අවධාරණය කරනවා.

උග්‍ර වන සහල් හිඟයට සාපේක්ෂව පිටකොටුවේ තිබෙන තොග සීඝ්‍රයෙන් අවසන් වෙමින් යන බවද වාර්තා වෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *