Fri. Jun 27th, 2025

රාජිත නිදොස් කොට නිදහස්!

Nov29,2024 #news #slpolitics

2019 වසරේ පැවැති ජනපතිවරණයේ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක් සම්බන්ධ නඩුවෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවාම නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.

චෝදනාවට ලක් වූ මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් බොරු සාක්ෂි නිර්මාණය කොට ජනපතිවරණ ප්‍රතිඵලවලට බලපෑම් කළ හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කළ බවටයි නඩුව ගොනු කර තිබුණේ.

හිටපු ඇමැති රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි යන විත්තිකරුවන් දෙදෙනා මෙලෙස නිදහස් කර හැරුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *