ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික තෙල් මිල සංශෝධනය හෙට දිනයට යෙදී තිබෙනවා. නව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළේ තෙල් මිල සූත්‍රය තමන් අනුමත කරන බවයි.
කෙසේ වෙතත් තෙල් මිල සැලකිය යුතු තරමේ අඩු වීමක් බලාපොරොත්තු වුවද එසේ සිදු වූයේ නැහැ.
ඒ අතර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ වේදිකාවල දුන් පොරොන්දු ඉටු කරමින් තෙල් මිල රුපියල් 50කින් අඩු කරන ලෙසයි.
මෙවර මිල සංශෝධනයේදී එසේ අඩුකරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.