දින කිහිපයක් තිස්සේ රටේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ජනතාව 55000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා.
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 9කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ. බදුල්ල – පස්සර මාර්ගය පස් කඳු කඩා වැටී ඇත. උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වෙයි. බදුල්ල සහ බණ්ඩාරවෙල අතර පස් කණ්ඩි කඩා වැටීම් නිසා දුම්රිය ධාවනය වන්නේ නානුඔය දක්වා පමණක් බවයි වාර්තා වන්නේ.
අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් පෙදෙස්වලට ඊයේ රාත්‍රි මහ වැසි වැටී තිබේ. සියඹලාණ්ඩුව හැඳඔය අවට ගංවතුර අවදානමක මතුව ඇති බව සඳහන්.
එසේ ම දිඹුලාගල, හිඟුරක්ගොඩ, කන්තලේ, කින්නියා, වැනි පෙදෙස් ද මැදිරිගිරිය, මුතූර්, සේරුවිල, තමන්කඩුව, වැලිකන්ද පෙදෙස් ද ගංවතුර අවදානමක තිබෙනවා.
උතුරේ ජනතාව ද විශාල ප්‍රමාණයක් මේ කාලගුණ තත්වය නිසාවෙන් පීඩාවට පත්ව සිටිනවා.
ලංකාවේ දිස්ත්‍රික්ක 12කට මෙම තත්වය දැඩිව බලපා ඇති අතර ඒ හේතුවෙන් පවුල් 15670ක පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව සිටිනවා.