සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ලංවිම කළමනාකාරීත්වයට තම සංගමය කළ ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනවලට ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පිළිතුරු ලබාදී තිබෙනවා.
“සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස අප කළ ඉල්ලීම මාධ්‍ය තුළ විශාල පාපයක් ලෙස පෙන්වා දී තිබෙනවා. අපි රජය නියෝජනය කරන වෘත්තීය සමිතියක් බව සියලු දෙනාට මතක් කළ යුතුයි.”
“අපේ ඉල්ලීම් කරන්න අපි තවදුරටත් පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. මේක දැන් අපේ ආණ්ඩුව. අපි අපේ ඉල්ලීම් රජයට මතක් කරලා ඒවා ඉටු කරන බවට සහතික වෙනවා,” ඔහු වැඩිදුරටත් පවසනවා.
“අපි මේ ආයතනයට බලෙන් කඩා වැදුණු මිනිස්සු. අපි 3% ඉන්නකොටත් අපේ ඉල්ලීම් දිනාගත්තා. අපේ සංගමය අපේ ඉල්ලීම්වලට ආණ්ඩු දණ ගැස්සුවා, ලංවිම සේවක අයිතීන් ආරක්ෂා කළා. අපි තමයි විදුලිබල මණ්ඩලය පාලනය කරන්නේ” ජවිපෙ වෘත්තීය සමිති නායකයා තවදුරටත් පවසනවා.
කෙසේ වෙතත්, මේ වසරේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධ යෝජනා ලංවිම විසින් මේ දක්වා ලබා නොදුන් බැවින් මේ වසරේ විදුලි බිල අඩුකිරීම කළ නොහැකි වනු ඇති බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කරනු ලැබුවා.