Tue. Jun 24th, 2025

නුවරඑළියේ ඉපැරණි මහ ගස්වලට මහ විනාශයක්!

Nov25,2024 #2024 #news #police #slpolitics

නුවරඑළිය ගොල්ෆ් පිටියේ පිහිටා තිබූ වසර 100කටත් වඩා පැරණි ගාන්ඩිස්, රෙඩ් ගාන්ඩිස්, සයිප්‍රස්  මහා වෘක්ෂ ගස් 50ක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා විනාශ කර තිබෙනවා. නුවරඑළියට ආවේණික වූ මෙම ගස් විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ පාලනාධිකාරියට එරෙහිව චෝදනා එල්ල වෙනවා. ඔවුනට එරෙහිව පොලිසිය වෙත පැමිණිලි දෙකක් ද ලැබී තිබෙනවා. ඒ නුවරඑළිය පදිංචි අයෙකුගෙන් සහ මහනගර සභා කොමසාරිස්වරයාගෙනුයි.

කෙසේ වෙතත් මෙම මහා විනාශය සම්බන්ධයෙන්, නුවරඑළිය මහනගර සභාව, දැව සංස්ථාව, මධ්‍යම පරිසර අධිකාරිය, හක්ගල උද්භිද උද්‍යානය යන ආයතන විසින් වෙන් වෙන් වශයෙන් ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වෙනවා.

මහ නගර සභාව විසින් බදු දී තිබෙන නිශ්චල හෝ චංචල දේපළ කිසිවකට හානියක් සිදු කිරීම සඳහා කොන්දේසි පණවා තිබේ. එසේ තිබියදී මෙලෙස කර ඇති විනාශයන් යළි ආපසු හැරවිය නොහැකි මට්ටමේ ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

නුවරඑළිය නගර මධ්‍යයේ අක්කර 300ක වපසරියකින් යුත් මේ ඉඩම කොළඹ සීමිත ඉහළ පන්තියේ පිරිසකගේ විනෝදාස්වාදය සඳහා දීර්ඝකාලීන බදු පදනමින් ලබා දී ඇති බවත් මෙයින් මෙරට සංචාරක කර්මාන්තයට හෝ නුවරඑළිය පෙදෙස්වාසීන්ට කිසිදු ප්‍රයෝජනයක් නැති බවද පරිසරවේදින් පෙන්වා දෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *