1971 දී විශේෂ පාර්ලිමේන්තු පණතකින් පිහිටවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට නව රජයේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් විසින් මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබෙනවා.
සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්රතිපාදනයක් ද මෙම සංදේශයට ඇතුළත් බව සඳහන්.
සංස්ථා අධ්යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියටත් ඉතිරි කාර්ය මණ්ඩල ද ඊට අනුයුක්ත කිරීමටත් යෝජනා වී තිබෙනවා.
පසුගිය කාලයේ දී රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට ව්‍යාපෘති නොලැබීම නිසා වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි වී ඇති අතර සේවකයන්ට වැටුප් පවා ගෙවීමට නොහැකි වුණා.
පෙර රජයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් යෝජනා කර තිබුණේ එම සංස්ථාව මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමටයි.