Sat. Jun 28th, 2025

රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් අයුතු ප්‍රයෝජන ගත් යුවළක් අත්අඩංගුවට

Jun10,2024

තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන බවට අන්තර්ජාලයෙන් ප්‍රසිද්ධ කර ඔවුන් නුගේගොඩ මිරිහාන ප්‍රදේශයට ගෙන්වා ගෙන බලහත්කාරයෙන් අශෝභන ක්‍රියාවලට යොමු කර එම දසුන් වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැර කෝටි ගණනින් මුදල් උපයන යුවළක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

එම වැටලීම සිදු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසූයේ සැකකාර යුවළ මෙවැනි ක්‍රියා මගින් දිනකට රු. ලක්ෂයක පමණ මුදලක් උපයා ඇති බවයි.

රැකියාවක් බලාපොරොත්තුවෙන් මෙම ස්ථානයට පැමිණි 24 හැවිරිදි තරුණියක සහ 34 හැවිරිදි තරුණියක කාමරයකට දමා වැඩි මුදලක් ලබාදෙන බව පවසා ඔවුන් දෙදෙනාට අශෝභන අයුරින් හැසිරෙන ලෙස මෙම යුවළ උපදෙස් දී ඇත.

ඔවුන් ඒ අනුව ක්‍රියා කර ඇති අතර සැකකරුවන් එම දර්ශන වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මේ ආකාරයට මෙම ස්ථානයට තරුණ තරුණියන් විශාල පිරිසක් වරින් වර පැමිණ ගොස් ඇති බව පොලිසිය කියයි.

කුලියාපිටිය සහ බදුල්ලේ සිට පැමිණි මෙම තරුණියන් දෙදෙනා මේ බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය එම ස්ථානය වැටලීමේදී එම කාමරයේ තිබී උපත් පාලන කොපු පවා හමුවී ඇති බව පොලිසිය කියයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *