ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවැනි වාරික සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණීම සම්බන්ධයෙන් සතුටු වන බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ X පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.
ආර්ථිකය ගොඩ නැංවීම සඳහා එවක තම රජය ඇරඹූ මෙම වැඩසටහනට වත්මන් පාලනය නියෝජනය කරන කඳවුර එවකදී විරුද්ධ වුවද දැන් එම වැඩපිළිවෙල රටේ අභියෝගවලට අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කළ බව දැන් පිළිගෙන ඇති බව ඔහු එහි සඳහන් කර තිබෙනවා.