Sat. Jun 28th, 2025

හීන බොඳ වෙයි: වේයන්ගොඩ නිධානය පුස්සක්!

Nov23,2024 #2024 #news #police #slpolitics

පුරා දින තුනක් තිස්සේ කැණීම් කරන ලද වේයන්ගොඩ, වඳුරව නිධන් ඇති බව කියන ස්ථානයෙන් කිසිවක් සොයාගත නොහැකි වූ බව වාර්තා වෙනවා. විදුම් යන්ත්‍රද භාවිතා කර කුඩාවට කලු ගල් කුට්ටි කර බැලුවද කිසිවක් හමු වී නැහැ.

පරිලෝකන යන්ත්‍රයක් මගින්ද අද (23) දවල් වරුවේ ස්ථානීය පරීක්ෂාවක් කළද කිසිවක් එම යන්ත්‍රයෙන්ද පෙන්වා දුන්නේ නැහැ.

මෙම ස්ථානයේ නිධන් ඇති බව කියමින් කරන හෑරීම් නිසා මධ්‍යම අධිවේගී මාර්ගයට විය හැකි හානිය වළක්වා ගැනීමට මෙලෙස හාරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රස පරීක්ෂක කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා පොලිසිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආදී රජයේ ආයතන රැසක් මෙම කටයුත්තට සම්බන්ධ වී සිටි අතර දින තුන තිස්සේම දැවැන්ත ජනකායක් මෙම ස්ථානයට රැස්වී එය නරඹමින් සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *