Wed. Apr 30th, 2025

ළඟදීම තවත් ඡන්දයක්

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල දී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී ඇති බව කී ඇමැතිවරයා, මේ වසරේ එය පැවැත්වීමට ප්‍රතිපාදන නැති බැවින් ලබන වසරේ මුල ප්‍රාදේශීය සභා සහ නගර සභා මැතිවරණ පැවැත්වීම තීරණය කර ඇති බව කියා සිටියා.

මහනුවර දී (23) මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *