Wed. Apr 30th, 2025

මන්ත්‍රී නිලනිවාස ඉල්ලීම් පොදියක්: කඩිමුඩියේ අලුත්වැඩියාවක්!

Nov23,2024 #election 2024 #news #slpolitics

නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගණනාවකගෙන් මේ වන විටත් මාදිවෙල මන්ත්‍රී නිලනිවාස ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙනවා. මේ වන විට ලැබී ඇති ඉල්ලුම්පත් ප්‍රමාණය 35ක් පමණ බවයි දැනගැනීමට ඇත්තේ.

දෙසැම්බර් 3 වැනි දා සිට මෙම නිවාස ලබා දීම ආරම්භ වන අතර මේ දිනවල එම නිවාස අලුත්වැඩියා කෙරෙමින් පවතිනවා. කෙසේ වෙතත් කොළඹ සිට කිලෝමීටර් 40කට එහා පදිංචි මන්ත්‍රීවරුන්-වරියන් වෙත පමණක් මේවා ලබා දෙනු ලබනවා.

නිවාස සංකීර්ණයේ පිහිටා ඇත්තේ නිවාස 116ක් පමණක් බැවින් ඉල්ලුම වැඩි වී ඇතැයි සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *