2025 වසර සඳහා පළමු වසරට දරුවකු ඇතුළත් කිරීමට රුපියල් 15000ක අල්ලසක් ලබා ගත් බව කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම, කරුණාරත්න බෞද්ධ පාසලේ විදුහල්පතිනිය හඳුන්නෙත්ති මාලා මංගලිකා නම් කාන්තාවගේ ඇප ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර දමා තිබෙනවා.
මෙම සැකකාරිය දෙසැම්බර් 06 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.
සම්මුඛ පරීක්ෂණයේදී ලකුණු 39ක් ලබා ගත් දරුවකුගේ මවකගෙන් මෙම මුදල් අල්ලස් වශයෙන් විදුහල්පති කාමරයේ දී ලබා ගැනීමේදී අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකාරියගේ නීතිඥවරයා, සිද්ධිය සම්බන්ධයෙන් සියලු සාක්ෂි අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති නිසා ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන්නැයි ඉල්ලුවද අධිකරණයෙන් ඇයට ඇප හිමි වූයේ නැහැ.