2020 කොවිඩ් වසංගත සමයේ කොවිඩ් ආසාදිත රැඳවියන්ට ප්රතිකාර සහ පොදුවේ ඇන්ටිජන් පරීක්ෂණ ඉල්ලා රැඳවියන් විසින් මහර බන්ධනාගාරයේදී සිදු කළ විරෝධතාවට වෙඩි තබා 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් ධම්මික උඩුවිදාන විමතිය පළ කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ නිලධාරීන්ට එරෙහිව මාස තුනක් තුළ අධිචෝදනා මත නඩු පවරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට පොරොන්දු වී තිබියදී මෙම නඩු ගොනුව වසා දැමීමට උපදෙස් දී ඇති බවයි මිය ගිය රැඳවියන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සේනක පෙරේරා අධිකරණයට දන්වා සිටියේ.
“මෙම මරණයන් සම්බන්ධයෙන් බැලූ බැල්මට අපරාධයක් බවට සාධාරණ සැකයක් උද්ගතවී ඇති බැවින්, අපරාධ නඩු විධාන සංග්රහයේ ප්රතිපාදනවලට අනුව සුදුසු කඩිනම් පියවර ගෙන මීට සම්බන්ධ සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කරමි.”
යනුවෙන් මහේස්ත්රාත්වරයා පෙර නියෝගයක් කළද ඒවා ක්රියාත්මක වූයේ නැති බවයි සඳහන් වන්නේ.
රැඳවියන්ගේ මරණ සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනම් දීම සඳහා නඩුව කැඳවූ අවස්ථාවේ එසේ විමතිය පළ කළ මහේස්ත්රාත්වරයා මෙහි නඩු කටයුතු අවසන් නොකර නඩු ගොනුව බහා තැබීමට නියම කරන්නැයි කළ ඉල්ලීම පිළිබඳ නියෝගය 13 වැනිදා ප්රකාශයට පත් කරන බව දැනුම් දෙනු ලැබුවා.