මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර දෙපළාත් සඳහා ආධාර ලෙස රුපියල් බිලියන 1.5 ක් ලබා දී ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා චීන රජය සැලකිය යුතු පරිත්‍යාගයන් කර ඇති අතර, චීන තානාපති Qi Zhenhong එම පළාත් දෙකේ විවිධ ප්‍රදේශවලට ගොස් ආධාර ලබා දෙනු ලැබුවා.
2024 නොවැම්බර් 19 සිට 21 දක්වා කාලය තුළ ද චීන තානාපති Qi Zhenhong උතුරු හා නැගෙනහිර පළාත්වල විවිධ පරිත්‍යාගයන් සිදු කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය ‘X’ සටහනක් තබමින් කියා සිටිනවා.
ඊයේ (නොවැ 21) නැගෙනහිර පළාතේ කලුවන්කේනි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ චීන තානාපතිවරයා රු. මිලියන 04 ක් පරිත්‍යාග කරනු ලැබුවා.
තානාපතිවරයා අඛණ්ඩව වසර කිහිපයක් නැඟෙනහිර පළාතේ ගම්මාන වෙත පැමිණ, ගම්වාසීන්ට නිවාස ඉදිකිරීමට සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට ආධාර කිරීම සඳහා විවිධ මුදල් පරිත්‍යාග කිරීම විශේෂත්වයක්.
කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේ, චීන රජය විසින් නිවාස ඒකක, ධීවර දැල් සහ සහල් පරිත්‍යාග කර ඇති අතර එහි මුළු වටිනාකම මෙම වසර සඳහා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා රුපියල් බිලියන 1.5 ක් බවයි.