කඩවත අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව ආසන්නයේ දී ජීප් රථ රියදුරෙකුගෙන් රෝල්ස් දෙකක්, ප්ලේන්ටි දෙකක් සහ සිගරැට් දෙකක් කප්පම් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මාතර සිට කඩවත ආ මෙම රථයේ රියදුරා රථවාහන නඩුවක් ඇතැයි බිය කර අසල හෝටලයක් වෙත යවා මෙම දේවල් ගෙන්වා ගෙන ඇති අතර එය වීඩියෝවක් ලෙසින් සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී තිබුණා.
අධිවේගී මාර්ග පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.