කුප්‍රකට අපරාධකරුවෙකු වන අධිකරණයෙන් මරණ දඬුවම් ලබා සිටින ජුලම්පිටිය අමරේ හෙවත් ජී.ජී. අමරසිරි නමැත්තාට පනවා තිබූ මරණ දඬුවම අභියාචනාධිකරණය විසින් අද (20) තහවුරු කරනු ලැබුවා.
2012 වසරේ ජුනි මස 15 වැනිදා කටුවන පැවැති ජවිපෙ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පැවරුණු නඩුවකට වරදකරු වූ ජුලම්පිටිය අමරේට 2019 වසරේදී මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කෙරුණා.
ඔහු විසින් මෙම මරණ දඬුවමින් තමා නිදහස් කරන ලෙස ඇපෑලක් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබු අතර ඇපෑල සලකා බැලූ අභියාචනාධිකරණය සඳහන් කර ඇත්තේ මහාධිකරණය පැනවූ මරණ දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත් නොවෙන බවයි.