Wed. Jun 25th, 2025

ජනපති වදන් බොරු වෙයි : හාල් පිටරටින් ගෙන්වයි!

Nov20,2024 #news #sl economy #slpolitics

රටේ සහල් හිඟය උත්සන්න වන බැවින් විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 65000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සහල් ආනයනකරුවන් සහ රජයේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ඊයේ (19) පවත්වා ඇති අතර මෙම තීරණය එහිදී ගනු ලැබු බව සඳහන්.

ලබන වසරේ ජනවාරි මාසයේ මහ කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් රටේ සහල් අවශ්‍යතාව සපුරාලීම මෙයින් අපේක්ෂා කෙරෙනවා.

සතොස හරහා නාඩු ගෙන්වීමට ටෙන්ඩර් කැඳවෙනු ඇති. මහා පරිමාණ මෝල් හිමියන් ප්‍රමාණවත් පරිදි සහල් තොග වෙළෙඳපොලට නිකුත් නොකිරීම හේතුවෙන් සුපිිරි වෙළඳසැල්වල සහල් නිකුත් කිරීමද කිලෝ තුනකට සීමා කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය දා මොල් හිමියන් හා ජනපති කළ සාකච්ඡාවේදී කියා සිටියේ හාල් ඇටයක් හෝ පිටරටින් ආනයනය නොකරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *