සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර තමාගේ නම ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය දා පැවැති මහමැතිවරණයේදී සමගි ජන බලවේගය පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්රී ධුර 5ක් ලැබුණු අතර ඒවා සඳහා නියෝජිතයන් නම් කිරීම ප්රමාද වෙමින් තිබෙනවා.
මෙම මන්ත්රී ධුර සඳහා නම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් බොහෝ ගැටුම් ඇති වී තිබෙන බවයි වාර්තා වන්නේ. මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අයද සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවේ සිටින බැවින් ඔවුන්ද මෙම අවස්ථාව බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.