රුපියල් කෝටි 500කට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ 200ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කරමින් ලියාපදිංචි කළ බව කියන මහා ජාවාරමේ පිරිසකට නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු පවරා තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බන්දුල ජයසිංහ, පරිගණක වැඩසටහන් සම්පාදක රෝහිත සමරවීර, වාහන පැවරුම් අංශයේ උපුල් ප්‍රියන්ත, හේමන්ත මුත්තුංග, චන්න රෝහිත, ප්‍රියංගනී සිරිමාන්න යන අය සහ වාහන ආනයනකරුවන් වන ටී.බී. ඊරියගම සහ නලින්ද මහේෂ් කුමාර යන පුද්ගලයන්ට එරෙහිව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බවයි වාර්තා වන්නේ.
2015 වසරෙන් පසුව ගෙනා මෙම මෝටර් රථ 2015ට පෙර ගෙනා සාමාන්‍ය රථ ලෙස හඟවමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියට ඇතුළු කිරීම මගින් මෙම දැවැන්ත පාඩුව රජයට කරමින් එම මුදල් මෙම පුද්ගලයන් ලබාගෙන ඇති බවයි සැක කෙරෙන්නේ.
දෙසීයක් තරම් වන මෙම වාහන ගොන්නෙන් මේ දක්වා සොයා ගැනීමට හැකිව ඇත්තේ 20ක් පමණ ප්‍රමාණයක් බවයි වාර්තා වන්නේ.