අභිනව පාර්ලිමේන්තුව රැස් වූ පසු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන එන බව සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා.
නව රජයේ වැඩපිළිවෙලට ශක්තියක් ලෙස තමා මෙම යෝජනා ගෙන එන බව හේෂා පවසනවා. තමන්ද සමහර වරප්‍රසාදවලට කැමැති නැති බව හේෂා වැඩිදුරටත් කියා සිටිනවා. පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දෙන උදේ සහ දිවා ආහාරය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවත් ආහාරය නිවෙසින් රැගෙන ආ හැකි බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
සියලු දීමනා නතර කරන ලෙසද හේෂා මන්ත්‍රීවරයා පවසනවා. අඩු පොලියට මන්ත්‍රීවරුන්ට ලබා දෙන මිලියනයක ණය මුදල සේම රක්ෂණාවරණයද විශ්‍රාම වැටුපද අහෝසි කරන ලෙසයි ඔහු කියා සිටින්නේ.
කෙසේ වෙතත් ජාතික ජනබලවේගය ද මෙවැනි යෝජනා ගෙන එනු ඇති බවට ආරංචි පළ වෙනවා.