පස්සර – බිබිල මාර්ගයේ සිදුවූ නාය යෑමක් ඉවත් කිරීමේ කටයුතු අඛණ්ඩව දෙවන දිනටත් අද ක්රියාත්මක වෙනවා.
පස්සර – බිබිල මාර්ගයේ 13 කණුව ප්රදේශයේ සඳුදා අලුයම නාය යාම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.
සිද්ධියෙන් ප්රදේශයේ නවතා තිබූ ත්රිරෝද රථ තුනකට (03) හානි සිදුව ඇති අතර, සිද්ධියෙන් පසු වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
නාය යෑමේ සජීවී දර්ශන ඒ අසළ වෙළෙඳසලක සවිකර තිබූ CCTV කැමරාවේ සටහන්ව තිබුණා.