නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් සන්තකයේ තබා ගනිමින් භාවිතා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳගේ ඇප ඉල්ලීම අද (18) අධිකරණය ප්‍රතික්ෂේප කර දමා තිබෙනවා.
ඒ අනුව ලොහාන් දෙසැම්බර් මස 02 දක්වාත් ඔහුගේ බිරිඳ මේ මස 22 දක්වාත් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා.