Sat. Jun 28th, 2025

උසාවියට බොරු කියූ තරුණිය මාසයක් හිරේ

Jun7,2024

අතවරයට ලක්ව ඇතැයි පැමිණිළි කරමින් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටි පැමිණිළිකාරියට මාසයක අනිවාර්ය සිරදඬුවමක් නියම කිරීමට මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා පියවර ගත්තේය.

උසස් අධ්‍යාපනය ලබමින් සිටි ඇලබඩගම පන්නල පදිංචි තරුණියක් එසේ සිරගත කිරීමට නියම විය.

උප පොලිස් පරීක්‍ෂිකා ධනංජනී බස්නායක හා කා.පො.කො. සුගන්ධිකා යන නිලධාරීන් ඉදිරියේ පුද්ගලයකු අතින් තමා ස්ත්‍රී දූෂණයට ලක්වූ බවට චූදිත තරුණිය ලබාදුන් ප්‍රකාශ අනුව සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා රක්‍ෂිත බන්ධනාගාරගතකොට පවා තිබිණ. පසුව දිගින් දිගටම කළ විමර්ශනවලදී දෙදෙනා අතර සැලකිය යුතු කලක් ප්‍රේම සබඳතාවක් තිබී ඇති බවට තොරතුරු හෙළිව ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ චෝදනා සංශෝධනය කරමින් වාර්තාවත් ගොනුකොට තිබිණ.

එම පෙම් සබඳතාව චූදිත තරුණියගේ නිවැසියන්ට සැලවූ නිසා එල්ලවන චෝදනාවලින් මිදීමට එම තැනැත්තිය එසේ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව තහවුරු වූ බවද කුලියාපිටිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පො.ප. තේජානි වීරසේකර මහත්මිය අධිකරණයට කරුණු දැක්වීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *